Gmail

Gmail තුළ ආදාන මෙවලම් පිහිටුවන්නේ කෙසේදැයි ඉක්මණින් හැදෑරීමට මෙම වීඩියෝව පරීක්ෂා කරන්න.

Gmail හි ආදාන මෙවලම් සක්‍රිය කිරීමට, මෙම පියවර අනුගමනය කරන්න:

  1. ඉහළ දකුණේ ඇති ගියර් නිරූපකය තෝරා, ඉන්පසුව “සැකසීම්” තෝරන්න.
  2. සාමාන්‍ය පටිත්ත තුළ, “භාෂාව” යටතේ “ආදාන මෙවලම් සක්‍රිය කරන්න” අසල ඇති සලකුණු කොටුව තෝරන්න.
  3. දිස් වන “ආදාන මෙවලම්” සැකසීම් සංවාදය තුළ, “සියලු ආදාන මෙවලම්” කොටසින් ඔබ කැමති ආදාන මෙවලම් එකක් තෝරා අළු පැහැති ඊතලය මත ක්ලික් කරන්න එවිට එය “තෝරාගත් ආදාන මෙවලම්” කොටසෙහි දිස් වනු ඇත.
    • එය “තෝරාගත් ආදාන මෙවලම්” ක්ෂේත්‍රය වෙත එක් කිරීමට ඔබට ආදාන මෙවලම් මත දෙවරක් ක්ලික් කළ හැකිය
    • මෙවලමක් මත ක්ලික් කර දිස් වන ඉහළ/පහළ ඊතල මත ක්ලික් කිරීමෙන් ඔබට තෝරාගත් ආදාන මෙවලම්වල අනුපිළිවෙල නැවත සැකසිය හැකිය
  4. සැකසීම් සංවාදය තුළ හරි ක්ලික් කරන්න
  5. සාමාන්‍ය පටිත්තේ පහතින් වෙනස්කම් සුරකින්න මත ක්ලික් කරන්න

ඔබ ආදාන මෙවලම් සක්‍රිය කළ විට, ඔබට ආදාන මෙවලම් නිරූපකයක් ගියර් නිරූපකයේ වම් පැත්තෙන් පෙනෙනු ඇත, උ.දා. .

මෙම Gmail බ්ලොග් පළ කිරීම (Google සහ Enterprise බ්ලොග්වල අන්තර්-පළ වූ) Gmail හි භාෂා හරහා සන්නිවේදනය ආදාන මෙවලම් විසින් වඩාත් පහසු කරන්නේ කෙසේදැයි හඳුන්වා දෙයි.

තනි ආදාන මෙවලම් භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳ ආශ්‍රිත ලිපි: