අත් අකුරු

අත් අකුරු ආදානය මූසිකය හෝ ට්‍රැක් පෑඩ් සමඟ ඔබට කෙළින්ම වචන ලියා ගැනීමට ඉඩ ලබාදෙයි. අත් අකුරු භාෂා 50 කට වඩා වැඩි ගණන කට සහාය ලබාදෙයි.

අත් අකුරු ආදානය භාවිතා කිරීමට, ප්‍රථම පියවර ආදාන මෙවලම් සබල කිරීමයි. සෙවීම, Gmail, Google Drive, Youtube, පරිවර්තනය, Chrome සහ Chrome OS හි ආදාන මෙවලම් සබල කිරීමේ උපදෙස් අනුගමනය කරන්න. ඉහළ ඇති ඇතැම් නිෂ්පාදන වලට ඇතැම් විට ඇතැම් භාෂා වල අත් අකුරු ආදානය තිබෙන්නේ නැතයි සඳහන් කර ගන්න.

Google ආදාන මෙවලම් Chrome දිගුවේ අත් අකුරු ආදානය භාවිතා කරන්නේ කෙසේද යන්න ඉගෙන ගැනීමට මෙම වීඩියෝ නිබන්ධනය නරඹන්න.

අත් අකුරු ආදානය පැන්සලකින් නිරූපණය වෙයි.අත් අකුරු ආදානය භාවිතා කරමින් සිටින විට, ඔබගේ ට්‍රක්පැඩ්/මූසිකය අත් අකුරු පැනලයට ගෙන යන්න. අතින් අකුරු ඇඳීමට ට්‍රක්පැඩ්/මූසිකය ඔබා ගෙන සිටින්න. ඔබගේ අතින් ලිවීමට ගැලපෙන අපේක්ෂක අක්ෂර දර්ශනය වෙයි. අක්ෂරයක් මත ක්ලික් කිරීමෙන් අපේක්ෂකයෙකු තෝරන්න හෝ පළමු අපේක්ෂයා තේරීමට ENTER හෝ SPACE යතුරු ඔබන්න.