අතථ්‍ය යතුරු පුවරුව

අතථ්‍ය යතුරු පුවරුව, හෙවත් “තිර-මත” යතුරු පුවරුව, ඔබ කොතැන සිටියද කුමන පරිගණකයක් භාවිතා කළද, ඔබට ඔබගේ දේශීය භාෂාවෙහි අකුරු ක්‍රමය, පහසු සහ සංගත ආකාරයකින් සෘජුවම ටයිප් කිරීමට ඉඩ දෙයි. සාමාන්‍ය යතුරු පුවරුවල සමහර භාවිතයන්ට පහත දෑ ඇතුළත් වේ:

අතථ්‍ය යතුරු පුවරුව භාෂා 70 කට වඩා වැඩි ප්‍රමාණයක් සඳහා යතුරුපුවරු 100 කට වඩා ආවරණය කරයි. අතථ්‍ය යතුරු පුවරුව භාවිතා කරන්නේ කෙසේදැයි හැදෑරීමට මෙම නිබන්ධන වීඩියෝව පරීක්ෂා කරන්න. එමෙන්ම සබැඳිව එය උත්සාහ කරන්න.

අත්‍යථ්‍ය යතුරු පුවරුව භාවිතා කිරීමට, ප්‍රථම පියවර ආදාන මෙවලම් සබල කිරීමයි. සෙවීම, Gmail, Google Drive, Youtube, පරිවර්තනය, Chrome සහ Chrome OS හි ආදාන මෙවලම් සබල කිරීමේ උපදෙස් අනුගමනය කරන්න.

අතථ්‍ය යතුරු පුවරුව නියෝජනය කෙරෙනුයේ යතුරුපුවරු නිරූපකය මඟිනි. දැනට පවතින IME ටොගල් සක්‍රිය/අක්‍රිය කිරීමට නිරූපකය මත ක්ලික් කරන්න හෝ වෙනත් ආදාන මෙවලමක් තේරීමට ඊළඟට ඇති ඊතලය මත ක්ලික් කරන්න. අතථ්‍ය යතුපුවරුවක් සක්‍රිය කර ඇති විට, බොත්තම තද අළු පැහැ වේ .

එය අතථ්‍ය යතුරු පුවරුව ලෙස සිතා, ඔබේම යතුරු පුවරුව මත ටයිප් කරමින් , නැතහොත් ඔබේ මූසිකයෙන් අතථ්‍ය යතුරු පුවරුව මත ක්ලික් කරමින් අතථ්‍ය යතුරු පුවරුව භාවිතා කරන්න.

තිර මත යතුරු පුවරුව කුඩා කිරීමට, තිර යතුරු පුවරුවේ ඉහළ දකුණු කෙළවරේ ඇති ඊතලය මත ක්ලික් කරන්න.