Essential Phone එක නිෂ්පාදනය කිරීම හා අලෙවි කිරීම නිළ වශයෙන් නවතා දමයි

Google සමාගම විසින් Android Pie නිළ වශයෙන් Google Pixel ජංගම දුරකථන වලට නිකුත් කිරීමෙන් පැය කිහිපයකට පසු එය මුලින්ම ලැබුනු ජංගම දුරකථන වලින් එකක් වන Essential Phone PH-1 එක ගැන මේ වෙනකොට කවුරුත් දන්නවා.

Android මෙහෙයුම් පද්ධතියේ සම නිර්මාතෘවරයෙකු වන Andy Rubin ගේ මූලිකත්වයෙන් ආරම්භ කළ Essential සමාගම විසින් නිෂ්පාදනය කළ ප්‍රථම ජංගම දුරකථනය වූ මෙය 2017 වර්ෂයේදී එළිදක්වනු ලැබූ අතර notch එකක් සහිත වූ ප්‍රථම Android ජංගම දුරකථනය ද මෙය වෙනවා.

විශේෂයෙන්ම software updates ලබා දීම මෙන්ම තම ජංගම දුරකථනයට විවිධ ආකාරයේ accessories නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් මෙම සමාගම ඉතාමත් ප්‍රසිද්ධියට පත් වී සිටියා.

ඔවුන්ගේ නිළ වෙබ් අඩවිය හරහා මේ දක්වා අලෙවි කළ Essential Phone එකෙහි stock අවසන් වී තිබෙන බවත්, මෙය තවදුරටත් නිෂ්පාදනය කිරීම හා අලෙවි කිරීම නවතා දමන ලද බවත්, ඔවුන් මේ වන විට ප්‍රකාශ කර තිබෙනවා.

කොහොම නමුත් මේ ජංගම දුරකථනයට Software updates ලබා දීම හා මීට අවශ්‍යය කරන accessories නිෂ්පාදනය කිරීම තවදුරටත් සිදු කරනු ලබන අතර ඔවුන්ගේ මීළඟ mobile product එක පිළිබඳව පූර්ණ අවධානය යොමු කරනු ලබන බව වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලබනවා.

එමෙන්ම කෘතීම බුද්ධිය හරහා බළගැන්වෙන AI Phone එකක් නිෂ්පාදනය කිරීමට ඔවුන් සූදානම් වෙන බව නිළ නොලත් ආරංචි මාර්ග හරහා දැනගන්නට මේ වන විට දැනගන්නට ලැබෙන නමුත් නිළ වශයෙන් සිදු කර ඇති ප්‍රකාශයන්ට අනුව ඔවුන්ගේ මීළඟ නිෂ්පාදනය ජංගම දුරකථනයක්ම යැයි තහවුරු කිරීමට කටයුතු කර නැහැ.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය හා Droid-Life වෙබ් අඩවිය භාවිතා කළ හැක.